නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ර/උඩුමත්ත මිහිදු මහා විද්‍යාලය

ප්‍රදේශයේ ඇති ඉහල පෙලේ පාසල් අතරින් ප්‍රසිද්ධ මෙන්ම කීර්තිමත් පාසලක් ලෙස මෙම පාසලට ප්‍රජාවගේ ඇති ගෞරවය මෙන්ම ඉල්ලුම ද සමඟ මෙම පාසල ඉතාමත් ජනප්‍රිය පාසලකට ඇති ගෞරවයට සමාන ගෞරවයකට හිමිකම් කියයි. අතීතයේ සිට වර්තමානය තෙක් මෙම පාසල ආ ගමනේ දී ලබාගත් ජයග්‍රහණ ආරක්ෂා කර ගනිමින් ඒවා තව දියුණු කර ගැනීමට සහය දෙමින් අදාල කාර්යයන් ගැන විමසිල්ලෙන් සිටිමින් මා හට පැවරී ඇති කාර්ය ගෞරවයෙන් සිදු කරමි. පාසල් ප්‍රජාව ගේ පවතින දැනුම මෙන්ම බාහිර සාධකද ඔප නංවා ගැනීමට අතහිත දෙමින් ඔවුන්ට තම තමන්ගේ දැනුම පුළුල් කර ගැනීමට නියමිත පරිසරයක් ගොඩනැගීම මගේ අභිලාෂයයි.
නවීන තාක්ෂණය තුළින් ලෝ තලේ නැරඹීමට වෙර දරන සිසු දරුවන් වෙනුවෙන් නිර්මාණය වන සයිබර් ලොවට පියාපත් පාසල් වෙබ් අඩවි නිර්මාණය කිරීමේ වැඩසටහන කාලෝචිත අවශ්‍යතාවක් සම්පූර්ණ වෙන සාධකයක් ලෙස දකිමි.
ගුණාත්මක භාවයෙන් ද නැණවත් භාවයෙන් ද පරිපූර්ණ ශිෂ්‍යයෙකු සමාජයේ පුරවැසියෙක් බවට පත් කිරීම උදෙසා සිදුකෙරෙන ඉගෙනුම් ක්‍රියාවලිය ට සහයෝගය ලබාදෙමින් පාසල සතු භෞතික භාණ්ඩයන් නිසි ලෙස කළමනාකරණය කරමින් නියෝජ්‍ය විදුහල්පති වශයෙන් සිදු කිරීමට නියමිත කාර්යය නිසි ලෙස ඉටු කිරීමට ඉදිරියටත් බලාපොරොත්තු වෙමි
නියෝජ්‍ය විදුහල්පති
ර/උඩුමත්ත මිහිදු මහා විද්‍යාලය