• (+94) 036-2257217
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Udumaththa Mihidu M.V.

උඩුමත්ත මිහිදු මහා විද්‍යාලය

රත්නපුර කලාපය

  • Register
  • Login
Udumaththa Mihidu M.V.

උඩුමත්ත මිහිදු මහා විද්‍යාලය

රත්නපුර කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

1937 වර්ෂයේ දී උඩුමත්ත ග්‍රාමයේ දී ර/උඩුමත්ත මිහිඳු විද්‍යාලය ලෙස වර්තමානයේ හැඳින්වෙන මෙම පාසල ශ්‍රී ලංකා බැප්ටිස්ට් මිෂනාරි සංගමය මගින් ආරම්භ කරන ලදී.වර්ග අඩි 900 ක භූමි භාගයක ආරම්භ කෙරුණු පාසලට ර/උඩුමත්ත බැප්ටිස්ට් විද්‍යාලය යන නාමය ඔවුන් විසින් දී තිබුණි.මිෂනාරි සංගමයට අමතරව ගම්වාසීන් අතර සිටි ප්‍රභූවරුන් ද පාසල ආරම්භ කිරීමට පුරෝගාමී වූහ.
පාසල ආරම්භ කළ අවස්ථාවේ මෙම විද්‍යාලයට මුලින්ම ඇතුලත් වූ සිසුන් සංඛ්‍යාව 10 කට නොවැඩි විය.ගුරු මණ්ඩලය එක් අයෙකුගෙන් සමන්විත විය.පොල් අතු සෙවිලි කළ කුඩා ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය පන්තිකාමරවල ඉගැන්වීම් කටයුතු කිරීම සඳහා ගුරු භවතුන් කිහිප දෙනෙකු පසුව යොදවා තිබුණි.එමෙන්ම මෙම පාසලත් සමග ඇහැලියගොඩ ප්‍රදේශයේ එම සංගමය මගින් ආරම්භ කළ තවත් පාසලක් ලෙස දැනට ර/තලාවිටිය සිරිසමන් විද්‍යාලය ලෙස නම් කර ඇති ර/තලාවිටිය බැප්ටිස්ට් විද්‍යාලය ද ඇතුළත් විය.
උඩුමත්ත විද්‍යාලයේ පාසල් ගොඩනැගිල්ලට යාබදව තනා දී තිබූ කාමර කීපයක් ගුරු නිවාසය ලෙස වෙන් කළ අතර දුර බැහැරින් පැමිණි ආගමික විදුහල්පතිතුමන්ලා හට නවාතැන් පහසුකම් සැලසුනේ එමගිනි.පාසලේ ප්‍රගතිය ගැන සොයා බැලීමට වෙනම ම කතෝලික දේවගැතිතුමකුද පත්කරනු ලැබ සිටි අතර ඔවුන් අතරින් වික්‍රමසිංහ දේවගැතිතුමා පාසලට විශිෂ්ට සේවයක් කරනු ලැබූ පුද්ගලයෙකි.
ක්‍රමයෙන් පාසල වැඩිදියුණු කරමින් ගම්වාසීන්ගේ සිත් දිනාගැනීමට සමත් වූ පූජකතුමන්ලා ගම්වාසී පවුල් කිහිපයක් ද එම ආගමට හරවා ගත්තේ ඉතාමත් සූක්ෂම ලෙසයි.එම ආගමට හරවා ගත් අයගේ පවුල්වල දරුවන් ජේෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය සමත් වූ පසු ගුරුභවතුන් ලෙස පත්වීම් ලබා ඇත.

එමඟින්ඔවුනුත් නිතැනින්ම බෞතිස්ම කර ගැනීමට ඔවුන්ට හැකි විය.ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය 5 ශ්‍රේණියශිෂ්‍යත්ව විභාගය ආදී රජයේ විභාග වලට දරුවන් ඉදිරිපත් කර විශිෂ්ට ප්‍රතිඵල අත්කර දීමට මිෂනාරි සමාගමට හැකි වුණි.
මේ වන විට පාසලේ ගොඩනැගිලි සංඛ්‍යාවේ ද වර්ධනයක් දක්නට ලැබුණු අතර ගොඩනැගිලි දෙකක් ඉදි වී තිබුණි.ඉන් පළමු ශාලාව 1950 වර්ෂයේදී ද දෙවන වන ශාලාව 1951 වර්ෂයේදී ත් ඉදිකරන ලදී.එමෙන්ම ශිෂ්‍ය සංඛ්‍යාවේ හා ගුරු සංඛ්‍යාවේ වර්ධනයක්ද මේ වන විට දක්නට ලැබුණි.අධ්‍යාපන කටයුතු අතින් විශිෂ්ට ප්‍රතිඵල පෙන්වීමට මිෂනාරි සංගමයට හැකියාව ලැබුණත් ගමේ බහුතරයක් වන බෞද්ධ ජනතාව ඔවුන්ගේ ක්‍රියාකලාපය ගැන එතරම් පැහැදීමක් තිබුනේ නැත.
විවිධාකාර මාර්ග වලින් බෞද්ධාගමිකයන් වෙනත් ආගම් වල පිහිට පතන බව ගම්වාසීන්ට දැනී ගිය අතර ඊට විරෝධතාවයක් ලෙස පාසල ඉදිරිපිට ගොඩනැගිල්ලක් තනා බුලුගහපිටිය ශ්‍රී සුමන පිරිවෙනට අනුබද්ධ දහම් පාසලක් පවත්වාගෙන යාමට ගම්මුන් උනන්දු වූහ.එය සාර්ථකත්වයට ද පත් විය.
මෙසේ ආගම් විරෝධී ක්‍රියාවන් නොඉවසූ ගම්වාසීන්ට වාසනාවඋදාවූ වර්ෂයක් ලෙස 1962 වර්ෂය හඳුන්වා දිය හැකිය.එයට හේතුව සියලුම පාසල් 1962 වර්ෂයේ දී රජයට පවරා ගැනීම ය.ගම්වාසීන්ගේ කැමැත්ත අනුව බෞද්ධාගමික මුහුණුවරක් ලබාදීම සඳහා ර/උඩුමත්ත මිහිඳු විද්‍යාලය වශයෙන් එහි නම මේ සමග වෙනස් කරන ලදී එමෙන්ම බෞද්ධ මුහුණුවරකින් යුක්තව "ආලෝකෝ උදපාදි" යන ආදර්ශ පාඨය සහිත පාසැල් ලාංඡනයක් ද නිර්මාණය කරගත් අතර අද වන විටත් එම ලාංඡනය ම පාසල් ලාංඡනය ලෙස භාවිතා කෙරේ.

ශාලා දෙකක් පමණක් තිබූ පාසලට 1964 වර්ෂයේදී එක් ශාලාවකුත් 1988 වර්ෂයේදී තවත් ශාලාවකුත් ලැබී ඇත. මෙයට අමතරව විශාල අඩුපාඩුවක් ලෙස පැවැති විද්‍යාගාරයක් 1992 වර්ෂයේදී සීඩා ව්‍යාපෘතිය ආධාර යටතේ පාසලට ලැබී ඇත. ඩබ්.පී.සොයිසා මහතාගේ පදමාලාවකින් 1986 වර්ෂයේ දී පාසල් ගීතය නිර්මාණය විය.
ගත වූ වසර 69 ක කාලය තුළ විදුහල්පතිවරුන් විසි හත් දෙනෙකුගේ පාලනය සමඟ අද වන විට පවත්නා තත්වයට පාසල ගෙන ඒමට ඔවුන් කැපවී ඇත.2006 වසරේ සිට 2014 මාර්තු මස 01 විදුහල්පති ලෙස කටයුතු කළ එම් එච් රණසිංහ මහතා අධ්‍යාපනය හා විෂය සමගාමී කටයුතු අතින් නගරයේ හා පළාතේ ජනප්‍රිය පාසලක් බවට මෙම විද්‍යාලය පත් කිරීමට වැඩි වෙහෙසක් ගත් අතර එම හේතුවෙන් නගරයේ ජනප්‍රිය පාසල් කරා ඇදී ගිය සිසුන් අද මෙම පාසල කරා ඇදී ඒමට පටන් ගෙන ඇත.2007 වර්ෂයේ අපොස උ පෙල කලා පන්ති ආරම්භ කිරීමත් සමඟ අපොස සාපෙල අපොස සාපෙල සමත් වන සිසුන්ට වැඩිදුර අධ්‍යාපනය හැදෑරීම සඳහා මෙම පාසලේ රැඳී සිටීමට අවස්ථාව ලැබුණි.

විදුහලේ ගැමුණු ශාලාව දෙමහල් ගොඩනැගිල්ලක් ලෙස නවීකරණය වූ අතර අංගසම්පූර්ණ පාසල් කාර්යාලයක් ද ඉදිවිය. ඊට අමතරව තනි ශාලාවක් ලෙස තිබූ විජේ ශාලාව පන්ති කාමර තුනකට බෙදී නවීකරණය විය.නව තෙමහල් ගොඩනැගිල්ලක කටයුතු ආරම්භ කළ අතර පාසලේ විශාල ආලෝකයක් එක් කරමින් නව බුදු මැදුරක් ද ඉදිවිය.මේ වන විට පරිගණක කාමරයක් ද ඉදිවී ඇද ඉදිවී ඇති අතර එහි තොරතුරු තාක්ෂණ විෂය ද ඉගැන්වීම සිදු කෙරේ එසේම නව පුස්තකාල ගොඩනැගිල්ලේ වැඩ කටයුතු ද මේ වන විට නිම වී සිසු අයිතියට පත් කර ඇත.

2014 වර්ෂයේ උඩුමත්ත මිහිඳු මහා විද්‍යාලය අරුත්බර අනාගතයක් උදා කිරීමේ ගුරු දෙමාපිය බලාපොරොත්තුව යථාර්ථයක් බවට පත් කරමින් පළාතේ අධ්‍යාපනය ක්ෂේස්ත්‍රය තුළ නාමයක් හිමි ඒ.ජී.වීරසේකර විදුහල්පතිතුමාගේ පරිපාලනයට නතු විය.මෝදු වෙමින් පැවති පාසල් ප්‍රජාවගේ බලාපොරොත්තු විකසිත කිරීමට නව විදුහල්පතිතුමාගේ පැමිනීම හේතුවේ යැයිබලාපොරොත්තුවක් කා තුළත් පවතී.2015 වර්ෂයේ දී විවිධ ජයග්‍රහණ අතකර ගැනීමට හැකියාව ලැබුණි. එය සමස්ත ලංකා නැටුම් තරගාවලිය ප්‍රථම ස්ථානය දිනා ගැනීමටත් "ඵලසපිරි පාසලක්" වැඩ සටහනේ ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීමට ජාතික ඵලදායිතා තරගාවලියෙන් ප්‍රථමවරට කුසලතා සම්මානයක් හිමි කර ගැනීමටත් හැකිවිය. ක්‍රීඩාව තව තවත් පෝෂණය කිරීම සඳහා ඵලදායිතා තරගාවලියෙන් ප්‍රථම වරට කුසලතා සම්මානයක් හිමි කර ගැනීමටත් හැකිවේ ක්‍රීඩාව තව තවත් පෝෂණය කිරීම සඳහා ගල් චෙස් සංගමය පවත්වන එයින් සමස්ත ලංකා ජයග්‍රහණයක් ලබාගැනීමට හැකිවීම පාසල් ආඩම්බරයකිම්බරයකි. අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැඩි කර කරගනිමින් ප්‍රථම වතාවට අ.පො.ස (සා.පෙළ) ප්‍රතිඵල A-9 ක සාමාර්ථයක් ලබා ගැනීමට හැකිවිය.

2016  වර්ෂය තුළදී පාසල ඉදිරි පිම්මක් සනිටුහන් කරමින් ජයග්‍රහණ රාශියක් අත්කරගැනීම ප්‍රදේශය කතාබහට ලක්වන කරුණක් වීම පාසලේ ඉතිහාසයේ ආඩම්බරයට කරුණක් විය. ඵල සපිරි පාසලක් වැඩ සටහනේ රන් සම්මානයට හිමිකම් ලබා ගැනීමත් ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය විශිෂ්ට කුසලතා සම්මානයක් දිනා ගැනීමක්ටත් හැකි විය. එමෙන්ම පාසලේ ප්‍රථම වතාවට පාසල් ක්‍රීඩා අංශයෙන් නිර්මාණය කරන ලද ශාරීරිකඅභ්‍යාස පුහුණු කණ්ඩායම (ජිම්නාස්ටික්) සමස්ත ලංකා ජයග්‍රහණයක් අත්කර ගැනීම නිසාරන් සම්මාන 30ක් පාසලට අත්කර ගැනීමට හැකි විය. එපමනක් නොව බුද්ධ පාඨක සම්මාන තරගයෙන් රන් සම්මාන 09ක් හිමි කර ගැනීමට ද හැකිවිය. මෙම සියලු ජයග්‍රහණ හමුවේ ප්‍රදේශයේ කැපී පෙනෙන පාසලක් බවට පත්වන බව තහවුරු කරගැනීමෙන් පසු 2016 වර්ෂයේ "ළඟම පාසල - හොඳම පාසල" ජාතික වැඩසටහන යටතේ විශාල භෞතික සම්පත් ප්‍රමාණයක් පාසලට ලබා ගැනීමට හැකි විය.

දිනෙන් දින ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක් බවට පත් වෙමින් අප විද්‍යාලය 2018 වර්ෂයේ දී ද විශාල භෞතික හා මා හට ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට සමත් විය.වෙන වර්ෂයේ දී හිමිකරගත් භෞතික ජයග්‍රහණ අතර අභිනයෙන් ඉදි කරන ලද දෙමහල් ප්‍රාථමික සම්පත් මධ්‍යස්ථානය ශිෂ්‍ය උපදේශක ඒකකය හා තාක්ෂණ ඒකකය ප්‍රධාන වේ. තව ලෝකයට පිවිසීමට අවශ්‍ය දැනුම දැනුම් සම්භාරයෙන් බිඳක් එකතු කර ගැනීම සඳහා පුස්තකාලයට ලැබුණු ලක්ෂ දෙකක පමණ පොත් සිසු දරුවන්ගේ පරිහරණය සඳහා ලද මහඟු සම්පතකි. 2018 වසර ශිෂ්‍යත්වය සමත් දරුවන්ගේ දෙමාපියන් විසින් රුපියල් පනස් එක් දහසක් පමණ වටිනා පුටු කට්ටලයක් පරිත්‍යාග වශයෙන් ලැබුණි.මම වර්ෂයේ දී ද වර්ෂයේදීද උඩුමත්ත මිහිඳු මහා විද්‍යාලයේ දරුවන් ජාතික මට්ටමේ සහ සමස්ත ලංකා වන රන් හා රිදී පදක්කම්වන හා රිදී පදක්කම් සහ පළාත් ජයග්‍රහණ රැසක් ලබාගෙන ඇත. ඒ අතර අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ මෙහෙයවනු ලැබූ තිරසර සංවර්ධන වැඩසටහන යටතේ තිරසර ජීවන රටා තරඟයෙන් පාසල් තිහක් අභිබවා ප්‍රථම ස්ථානය ලබා ගැනීම, පරිසර බට සිසුන් වර්ණ  ලබා ගැනීම, සමස්ත ලංකා චෙස් තරගාවලියේ පළාත් තරඟ සඳහා සුදුසුකම් ලැබීම, සහනය ලබා ගැනීම ලබා ගැනීම සමස්ත ලංකා නැටුම් හා මුද්රා නාට්‍ය තරගයෙන් සමූහ පිරිමි ල් ලී කෙළි, පළාත් දෙවැනි ස්ථානය හිමිකර ගැනීම දැක්විය හැකිය.

විෂය බාහිර ක්‍රියාකාරකම් වලදී උඩුමත්ත මිහිඳු මහා විදුහල ජාතික මට්ටමේ ජයග්‍රහණයක් අත් කර ගැනීම ඉතිහාසයට එක් විය යුතු සුවිශේෂී මම දෙයක් සේ සලකමි. මේ අතර මධ්‍යම පරිසර අධිකාරිය ජනාධිපති සම්මාන සමස්ත ලංකා කුසලතා සහතිකය දිනා ගැනීමටත් තිරසර සංවර්ධන වැඩසටහන සමස්ත ලංකා හත්වන ස්ථානය දිනා ගැනීමටත් හැකිවීම හැකි වීම අගය කළ යුතුය. ප්‍රදේශයේ කැපී පෙනෙන පාසල් අතර උඩුමත්ත මිහිඳු මහා විදුහල දිනෙන් දින ප්‍රගමනය උදෙසා කටයුතු කරමින් ඉදිරියට යන පාසලක් බව සතුටින් ප්‍රකාශ කරමි.පුරා වසර පහකට ආසන්න කාලයක් පුරා පාසැලේ උන්නතිය හා පද්ධතියේ පැවැත්ම වෙනුවෙන් ඉමහත් මෙහෙයක් කළ ගුණපාල වීරසේකර ගුරු විදුහල්පතිතුමා 2019/09/24 දී විශ්‍රාම යෑමෙන් පසුව එම්.ආර්. අජිත් රෝහණ විදුහල්පතතුමා පාසැලේ උන්නතිය  හා පද්ධතියේ පැවැත්ම වෙනුවෙන් කටයුතු කරමින් සිටී. එතැන් පටන් දරුවන්ගේ අධ්‍යාපනයක් හා විෂය බාහිර ක්‍රියාකාරකම් තුළින් ජයග්‍රහණ ළඟා කරගත් යාන්ත්‍රනයට අසාධාරණයක් නොකර ශක්තිමත් ප්‍රජාවක් බිහි කරන විශිෂ්ඨ  පාසැල බවට පත් කිරීමට අවැසි  මග පෙන්වීම හා නායකත්වය ලබා ගැනීමටත් ඇප කැප වී ක්‍රියාකරන බවට, ගෞරවයෙන් සඳහන් කර සිටිමි.

ආරම්භ කළ වර්ෂය

1937

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

01

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

05

මුල් ගුරුතුමාගේ නම

බී.එච්.ආරෝන් මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

ර/උඩුමත්ත මිහිදු මහා විද්‍යාලය

පාසල රජයට පවරාගත් දිනය

1962

 

 

 

Udumaththa Mihidu M.V.

උඩුමත්ත මිහිදු මහා විද්‍යාලය

රත්නපුර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය R/Udumaththa Mihindu M.V, Eheliyagoda
  • දුරකථන(+94) 036-2257217
  • ෆැක්ස්(+94) 036-2257217

Supported By

© 2026 Udumaththa Mihidu M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk